රේමා සාහිත්‍යය බෙදාහරින්නන් යනු පොළොව පුරා එකම මෙහෙවරක නියුතුව සිටින ඇදහිලිවන්තයන් කණ්ඩායමකි - ඒ මෙහෙවර නම් ඉහළම ගුණාත්මක බවින් යුත් කිතුණු සාහිත්‍යය ක්‍රියාකාරී ලෙස බෙදාහැරීමයි. අප 100ට අධික රටවල් ගණනාවක, 30ට වඩා අධික භාෂා ගණනකින් බෙදාහරින්නේ සරල මූලධර්මයක් අනුවය = එනම් අපේ පොත්පත් සියල්ල සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදා දෙනු ලැබේ.
අප බෙදාදෙන්නේ අපට බොහෝ සෙයින් බයිබලය වටහාගැනීමට උපකාර කළා වූද, අපේ එදිනෙදා ජීවිතයේදී ක්‍රිස්තුස්වහන්සේ දැනගැනීමට හා අත්දැකීමට උපකාර කළා වූද පොත්ය. අපි විශේෂයෙන්ම ලිවිං ස්ට්‍රීම් මිනිස්ට්‍රිය සමග සමීපව ක්‍රියා කරමින්, ඔවුන්ගේ ලේඛකයන් මගින් පළ කළ ප්‍රධාන පොත්පත් ගණනාවක් බෙදා හැරීමට කටයුතු කරමු.
අපි ලාභ නොලබන ආයතනයක් වෙමු; අපගේ බෙදාහැරීම් කළ හැකිව තිබෙන්නේ ලොව පුරා ඇදහිලිවන්තයන්ගෙන් හා සභාවලින් ලද දීමනා හේතුවෙනි. දෙවියන්වහන්සේව ගැඹුරින් හා තෘප්තිකර ආකාරයකට දැනගැනීමට සොයන සියලුදෙනා උදෙසා ස්වාධීන හා පුළුල් මාධ්‍යයක් වීමට අවශ්‍ය සැපයුම ඔවුන් අපට භාර දී ඇත.
මිනිස්සු සමහර විට අපේ ඇදහිලි ගැන විමසති. අපේ ඇදහිල්ලේ ප්‍රකාශනය මෙයයි. අපේ පොත් ලබාගැනීමට මේ ඇදහිලි කෙරෙහි බැඳී සිටීම අවශ්‍යතාවක් නොවේ. අපේ පොත්, ඕනෑම ඇදහිල්ලක් සහිත ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබාගත හැකිය.
රේමාහි සිටින අපි, සියලු ඇදහිලිවන්තයන් බෙදාගන්නා පොදු ඇදහිල්ල අල්ලාගෙන සිටිමු; ඒ ඇදහිල්ලේ අන්තර්ගතය වරක් සදහටම නව ගිවිසුමෙහි ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම මේ පොදු නව ගිවිසුම් ඇදහිල්ල සෑදී ඇත්තේ අප බයිබලය, දෙවියන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ හා සදාතනය සම්බන්ධයෙන් අදහන කරුණුවලිනි:
රේමාහි අපේ ඉලක්කය වන්නේ මේ නව ගිවිසුම් ඇදහිල්ල පිළිබඳව පාඨකයාගේ අවබෝධය හා අත්දැකීම උපරිමයකට ගෙන එතැයි අප විශ්වාස කරන අසමසම කිතුණු ලියැවිලි එකතුවක් නොමිලේ සැපයීමයි. ඇදහිලිවන්තයන් භුක්ති විඳින්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මිදීම තුළින් උන්වහන්සේ තුළ සදාතන ගැළවීමක් පමණක් නොවේ; ඔව්හු උන්වහන්සේගේ ජීවනයෙන් දිනපතා ගැළවීමක්ද ලබති. මෙය බයිබලයේ ආත්මික ආහාරවලින් ප්‍රායෝගික වශයෙන් අත්දැකිය හැකිය. මෙය අපේ අත්දැකීමයි; එය ඔබේද අත්දැකීම වේවා යැයි අපි පතමු.
1980 දශකය මධ්‍යයේ සිට රේමා නොමිල පොත් බෙදාහැරීමේ නිරත විය. අප පළමුවෙන්ම පටන්ගත්තේ රුසියානු බසින් බයිබල හා ආත්මික පොත් පූර්ව සෝවියට් දේශයට බෙදාහැරීමටය. අපේ මුල් බෙදාහැරීමේ ක්‍රමය වූයේ එක් එක් ඉල්ලුම් කරන්නාට තැපෑලෙන් යැවීමය; එහෙත් අපි දේව වචනයේ සත්‍යය බොහෝ තැන්වලට ව්‍යාප්ත කිරීමට වෙනත් කණ්ඩායම් සමගද සම්බන්ධ වීමු.
1999දී රුසියානු බසින් කළ මේ උත්සාහයේ ප්‍රතිඵලය වූයේ සවිස්තරාත්මක පාසටහන් හා හැදෑරීමේ ලියැවිලි සහිත අලුත් රුසියානු නව ගිවිසුමක් මහා පරිමාණයෙන් බෙදා හැරීමය.
2001දී රේමා වෙනත් භාෂාවල හා රටවල නොමිල ආත්මික සාහිත්‍යය බෙදාහැරීමේ අවශ්‍යතාව ගැන සැළකීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ පොළොවෙහි වෙනත් ප්‍රධාන කලාප අඩංගු වූ ක්‍රමානුකූල ව්‍යාප්තියකි. පළමු රැල්ල වශයෙන් අපි අමතර භාෂා දහයක් එකතු කොට, බෙදාහැරීම සඳහා නිශ්චිත පොත් කට්ටලයක් සූදානම් කළෙමු.
2006දී රේමා තවත් භාෂා රැල්ලක් සඳහා සැළසුම් සකස් කළේ මැදපෙරදිග හා ආසියාවේ ඉතා වැදගත් ප්‍රදේශ අන්තර්ගත කරමිනි.
මේ පසුගිය වසර 20 තුළ මිලියන් ගණන් කිතුණු සාහිත්‍ය ලියැවිලි නිකුත් විණි. ඒ් සියල්ල නොමිලයේය.
බොහෝ දෙනෙක් ලොව පුරා තමන්ගේ ප්‍රදේශවල මේ බෙදාහැරීමෙහි සහභාගි වීමට කැමැත්ත පළ කොට ඇත. මෙසේ වැඩි විස්තර සඳහා කළ ඉල්ලීම් අපි අගය කරමු; ඒවාට මේ අංශයෙහි ඔබටද සහභාගි විය හැකි ආකාරයකට පිළිතුරු දීමට අපි අපේක්ෂා කරමු. සහභාගිත්වය උදෙසා අප මේ අංශය කොටස් තුනකට වෙන් කොට ඇත: යාච්ඤාව මගින්, දීමනා මගින් හා බෙදාහැරීම මගිනි.
සහභාගි විය හැකි පළමු හා ඉතාම වැදගත් ආකාරය වන්නේ යාච්ඤාවෙන් සහභාගි වීමයි. විවිධ භාෂාවලින් හා විවිධ රටවල නොමිල පොත් බෙදා දීමේ කාර්යයේදී, 1 තිමෝති 2 පරිච්ඡේදයේ එන මිනිසාගේ ගැළවීම උදෙසා ඇති විශේෂ යාච්ඤා ඉල්ලීම අපව බොහෝ ස්පර්ශ කළේය.
එබැවින්, මුලින්ම, සියලු මිනිසුන් වෙනුවෙන්ද, අප දේවභක්තියෙන් හා සන්සුන්කමින් නිසල හා සාමකාමී ජීවිත කරන පිණිස සියලු රජුන් හා උසස් තැන්හි සිටින අය වෙනුවෙන්ද, ඉල්ලීම්, යාච්ඤා, මැදිහත්කාරකම් හා ස්තුති දීම් කළ යුතු බවට මම අවධාරණය කරමි. සියලු මිනිසුන් ගැළවීම ලබා සත්‍යයේ පූර්ණ දැනුම කරා පැමිණීම අපේක්ෂා කරන අපේ ගැළවුම්කාර දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ මෙය යහපත්ය, පිළිගත හැකිය. 1 තිමෝති 2:1-4
මෙහිදී අපට පහත සඳහන් දේ සටහන් කළ හැකිය:
අපේම අත්දැකීම්වලින් අප දැකගෙන ඇත්තේ, දෙවියන්වහන්සේගේ මිනිසුන් කණ්ඩායමක් වසර ගණනාවක් තිස්සේ මෙවන් යාච්ඤාවක නිරත වන විට, මේ සියලු කාරණා සිදුවන බවය. මේ පොත් මගින් සත්‍යයේ පූර්ණ දැනුම නිදහසේ ප්‍රචලිත වන විට බොහෝ දෙනෙක් මේ ආකාරයට යාච්ඤා කරනු ඇතැයි අපි අවංකව බලාපොරොත්තු වෙමු.
එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමියි කීසේක.
මතෙව් 28:19-20
නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසෙලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කී සේක.
ක්‍රියා 1:8
ලොවෙහි විවිධ කොටස්වල නොමිලේ සාහිත්‍යය බෙදාදීමෙහි සහභාගි වීමට කැමති අය කරුණාකර අපගෙන් විමසන්න.