භාවිතා කිරීමේ කොන්දේසි

රේමා සාහිත්‍යය බෙදාහරින්නන්ගේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිලිගනිමු. මේ වෙබ් අඩවිය භාවිතා කිරීම මගින් ඔබ පහත දැක්වෙන නීතිරීති පිලිපැදීමට එකඟ වෙයි. ඔබට ඒ පිළිබඳ යම් ගැටළුවක් ඇත්නම්, සම්බන්ධ වීමේ පිටුවෙහි දැක්වෙන ලිපිනයන් මගින් අපව අමතන ලෙස ඔබට ඇරයුම් කරමු.

අන්තර්ගතය
මේ වෙබ් අඩවියේ පිටුවල අන්තර්ගතය ඔබගේ සාමාන්‍ය දැනීම හා භාවිතය උදෙසා පමණි. ඒවා කලින් දැනුම් දීමක් නැතිව වෙනස්වීමට ඉඩ ඇත. අප හෝ අන් තුන්වන පාර්ශවයක් විසින් කිසිදු අරමුණක් උදෙසා මේ වෙබ් අඩවියේ අඩංගු හා පල කොට ඇති තොරතුරු හා විස්තරවල නිවැරදි බව, කාලීන බව, ක්‍රියාකාරිත්වය, සම්පූර්ණකම හෝ සුදුසුකම පිළිබඳව කිසිදු සහතිකයක් ලබා නොදෙන්නෙමු. එවැනි තොරතුරු හා විස්තරවල වැරදි හා වැරදීම් අඩංගු විය හැකි බව ඔබ පිළිගත යුතුය. එවන් වැරදි හා වැරදීම් කිසිවකට අප වගකීම භාර නොගන්නා බව අපි නීතිමය වශයෙන් ඇති පරිසමාප්ත ඉඩකඩ තුළ ප්‍රකාශ කර සිටින්නෙමු.

ඇණවුම් හා පෞද්ගලිකත්වය‍
පෞද්ගලිකත්වය පිළිබඳ සම්පූර්ණ නීතිරීති, වෙනම පළ කර ඇති පෞද්ගලිකත්ව ප්‍රකාශනයෙහි පෙළගස්වා ඇත. සංක්ෂිප්තව කිවහොත්, ඔබගේ පෞද්ගලික තොරතුරු අවශ්‍ය වන්නේ නොමිල පොත්පත් ඇණවුම් ක්‍රියාත්මක කිරීමට සහ ඒවා නිසි ලෙස ලැබුණේදැයි සහතික කරගැනීමට පමණි. ඇණවුම් ක්‍රියාත්මක කිරීම පාදක වන්නේ අප සතුව තොග තිබීමත්, නිවැරදි තැපැල් තොරතුරු තිබීමත් මත පාදක වෙමිනි. සමහර අවස්ථාවලදී, වියදම, නීතිමය සම්බාධක, ජාත්‍යන්තර අරගල, රේගු නීති හා වෙනත් කරුණු හේතු කොටගෙන යම් යම් ගමනාන්තවලට ඇණවුම් ඉටු කළ නොහැකි වෙයි. මේ කරුණු පෙර දැනුම්දීම්වලින් තොරව වෙනස් විය හැකිය.

කතෘ අයිතිය
මේ වෙබ් අඩවියෙහි, රේමා සාහිත්‍යය බෙදාහරින්නන්ට අයිති වූ හෝ ඔවුන් විසින් බලපත්‍ර දරන්නා වූ යම් යම් දේ ඇත. මේ දේවලට ලාංඡන, ලියැවිලි හා ප්‍රශංසා සටහන් ඇතුළු නිර්මාණ, සැකසුම, දැක්ම සහ පෙනුමද අඩංගු වන නමුත් ඊට සීමා නොවේ. සාධාරණ භාවිතා පැවරුම්වලට අනුකූලව මිස නැවත පළ කිරීම සපුරා තහනම්ය. මේ වෙබ් අඩවිය අනවසරයෙන් භාවිතා කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර, එය අලාභ ඉල්ලීමකටද හේතු වනු ඇත.

වගකීම
ඔබ මේ වෙබ් අඩවියේ ඇති කිසියම් තොරතුරු හෝ විස්තර භාවිතා කිරීමේ අවදානම ඔබම ගත යුතු වන අතර, ඊට රේමා සාහිත්‍යය බෙදාහරින්නන් හෝ එහි නියෝජිතයන් කිසිදු වගකීමක් නොගනු ඇත. මේ වෙබ් අඩවිය හරහා ලබාගන්නා කිසිදු නිෂ්පාදනයක්, සේවයක් හෝ තොරතුරක් ඔබේ විශේෂ අවශ්‍යතාව සපුරාලන බව තහවුරු කිරීම ඔබේම වගකීම වෙයි. වරින් වර මේ වෙබ් අඩවියෙහි වෙනත් වෙබ් අඩවිවලටද සම්බන්ධතා පළ වනු ඇත. මේ සම්බන්ධතා සපයනු ලබන්නේ වැඩිදුර තොරතුරු දැනගැනීමට ඔබේ පහසුව උදෙසාය. මේ සම්බන්ධ කරනු ලබන වෙබ් අඩවිවල අඩංගු තොරතුරු පිළිබඳව අපට කිසිදු වගකීමක් නැත. ඔබ මේ වෙබ් අඩවිය භාවිතා කිරීමද, එවැනි භාවිතයකින් මතු වන ඕනෑම ආරවුලක්ද , වොෂින්ටන් ප්‍රාන්තයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ නීතිවලට යටත්ය.