නොමිල කිතුණු පොත්

මේ නොමිල පොත් සරලය, ගැඹුරුය, ප්‍රායෝගිකය, ජීවිතය වෙනස් කරන සුළුය. අපේ නොමිල කිතුණු පොත් පෙළේ විද්‍යුත් පොත් සේ ලබාගත හැකි සියලුම පොත් කියවන්න

විද්‍යුත් පොත් වශයෙන් හෝ මුද්‍රිත පොත් වශයෙන් ලබාගත හැකිය

අපගේ පොත්

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - පළමුවන වෙළුම

ඔබේ පදනම කොතරම් ස්ථිරද?

මේ පොත, ඔබට මිනිසා උදෙසා දෙවියන්වහන්සේගේ සැළැස්ම දැනගැනීමට උපකාර වෙයි. එය අළුත් හා අත්දැකීම් ලත් කිතුණුවන් යන දෙකොටසටම අත්‍යවශ්‍ය වන ප්‍රධාන අත්දැකීම් හතරක් විවෘත කරයි; එමගින් ඔබට පොහොසත් හා අර්ථවත් කිතුණු ජීවිතයකට ප්‍රබල පදනමක් ලබාගැනීමට උපකාර කෙරෙයි.

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - දෙවැනි වෙළුම

දෙවියන්වහන්සේ සමග මගේ සම්බන්ධකම වඩාත් ගැඹුරට ගෙනයන්නේ කෙසේද?

සෑම උදෑසනකම ස්වාමීන්වහන්සේ සමග තනිව කාලය ගත කිරීම, අපට දෙවියන්වහන්සේ සමග මිහිරි, පෞද්ගලික සම්බන්ධකමක් ඇතිකර ගැනීමට හේතු වෙයි. මේ කාලය, අපේ කිතුණු ජීවිතය තුළ බලවත් ලෙස හා ප්‍රගතියෙන් යුතුව ඉදිරියට යාමට සළස්වයි. මේ පොත කියවීම මගින්, ස්වාමීන්වහන්සේ සමග මෙසේ කාලය ගත කිරීම කොතරම් පහසුදැයි දැනගන්න.

සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ

සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේ

ඔබ ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳ අසීමිත අත්දැකීමක් සොයන්නේද?

අප මේ "සියල්ලෙන් පිරිපුන් ක්‍රිස්තුස්වහන්සේගේ" අත්දැකීමට පිවිසෙන්නට පෙර, ක්‍රිස්තුස්වහන්සේ කොතරම් අසීමිතදැයි දැකිය යුතුය. මේ පොත ඔබට එය දැකීමටත්, එහි පිවිසීමටත් උපකාර වනු ඇත. මේ ද්විතීය කථාවේ විවරණයෙහි එන කානාන් දේශය පිළිබඳ අසිරිමත් චිත්‍රය, ක්‍රිස්තුස්වහන්සේ සිය ඇදහිලිවන්තයන්ට කවරෙකුද යන බව පෙන්වා දෙන ආකාරය බලන්න.

දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය

දෙවියන්වහන්සේගේ ගෘහස්ථ පරිපාලනය

දෙවියන්වහන්සේගේ සදාතන සැළැස්ම මට වැදගත් වන්නේ කුමක් නිසාද?

මුළු බයිබලයම දෙවියන්වහන්සේගේ සදාතන අරමුණ හා උන්වහන්සේ එය ඉටුකර ගන්නා ආකාරය විස්තර කරයි. පුදුම සහගත කරුණ වන්නේ දෙවියන්වහන්සේට තමන් විසින්ම මේ සැළසුම ඉටු කරගැනීමට වුවමනා නොවීමයි. උන්වහන්සේ මිනිසා සම්බන්ධ කරගැනීමට තීරණය කළ සේක. ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිලිවන්තයන් වශයෙන් අපි සියලුදෙනාම දෙවියන්වහන්සේගේ සැළැස්මේ කොටසක් වෙමු. එබැවින්, ඔබ මේ සැළැස්මට සහභාගි වන්නේ කෙසේද? අප උන්වහන්සේගේ අරමුණේ ප්‍රධාන තැන ගන්නේ කුමක් නිසාදැයි දැනගැනීමට මේ පොත කියවන්න.

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම

කිතුණු ජීවිතයේ මූලික හරයයන් - තුන්වැනි වෙළුම

යහපත හා නපුර අනුව පමණක් ජීවත්වීමට වඩා වැඩි දෙයක් තිබෙනවාද?

සමාජය අපට යහපත හා නපුර නමැති මූලධර්මයට අනුව හැසිරෙන්නට උගන්වයි. එහෙත් බයිබලය මේ ගැන පවසන්නේ කුමක්ද? බයිබලය අපට ජීවත්විය හැකි වඩා උසස් මූලධර්මයක් පෙන්වා දෙයි: එය ජීවනයේ මූලධර්මයයි. දෙවියන්වහන්සේට වුවමනා වන්නේ අප උන්වහන්සේගේ සදාතන සැළැස්ම ඉටු කරන පිණිස මේ මූලධර්මය මගින් ජීවත්වීමය.

ජීවනයේ දැනුම

ජීවනයේ දැනුම

මගේ කිතුණු ජීවිතයේ වර්ධනය වන්නේ කෙසේද?

ජීවනයෙන් වර්ධනය වීමට නම් අප ජීවනය කුමක්දැයි, එය පැමිණෙන්නේ කොතැනින්දැයි හා එ් ජීවනය ලබාගන්නේ කෙසේදැයි දැනගත යුතුය. මේ පිළිතුරු ඇත්තේ අපේ හැසිරීම වැඩිදියුණු කිරීම තුළ හෝ, දැනුම වැඩිකර ගැනීම පමණක් තුළ හෝ දීමනා තුළ හෝ බලය තුළ නොවේ. ජීවනයෙන් වර්ධනය වීම සඳහා අවබෝධයත්, මගපෙන්වීමත් ලබාගන්න.

මහිමාන්විත සභාව

මහිමාන්විත සභාව

දෙවියන්වහන්සේ සභාව දකින්නේ අපට වඩා වෙනස් ආකාරයකටද?

අපට "සභාව" යන වචනය ඇසෙන විට, අපේ අදහස මිනිස් සංකල්පවලින් පිරී ඇතැයි අපට වැටහීමක් වුවද නැති විය හැක. දෙවියන්වහන්සේ සභාව දකින්නේ කෙසේද යන්න ඔබට පෙන්වා දීම මගින්, මේ පොත ඔබේ අදහස් අලුත් කරනු ඇත. බයිබලය, සභාව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ දෘෂ්ඨි කෝණය පෙන්වා දෙන කැපී පෙනෙන රූපාකාර සතරක් පෙන්වා දෙයි. ඔබේ අවබෝධය සීමා නොකරන්න. සභාව මහිමාන්විත ආකාරයට දැකගැනීමට අපි ඔබට ඇරයුම් කරමු.


අනුන් සමග බෙදාගන්න